’ශ‍්‍රමික සුරැකුම’ මගින් ශ්‍රමිකයන්ගේ ගැටළු රැසක් හදුනා ගත්තා



දිස්ත‍්‍රික් මට්ටමින් ක‍්‍රියාත්මක කළ ‘‘ශ‍්‍රමික සුරැුකුම වැඩසහන’’ මගින් විගමණික ශ‍්‍රමිකයින් මුහුණපාන ගැටළු රැසක් හඳුනාගත් බවත්, විදෙස්ගත ශ‍්‍රමිකයින්ට ඡන්ද අයිතිය මෙන්ම විශ‍්‍රාම වැටුප ලබාදීමටද අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

අනුරාධපුර, නොච්චියාගම ප‍්‍රදේශයේ පැවති ජංගම සේවා වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කීවාය.  

එහි දෙවන අදියර යටතේ මේ ගැටලූ රාශියක් තිබුණු ප‍්‍රදේශ විදියට හදුන ගත්ත නැගෙනහිර පළාතේ හා උතුරුමැද පළාතේ ජංගම සේවය කරන්නේ. මේ ශ‍්‍රමිකයෝ සම්බන්ධ ප‍්‍රශ්න අවරුදු 25-ක් 30 ක් පමණ පරණ ඒවාත් ඉදිරිපත් වෙලා තියෙනවා.

 මීට අවුරුදු 20කට -25 කට පමණ පෙර රට රැුකියා වලට ගිහින් හොයා ගන්න බැරි වුනු අය පිළිබ`ද පැමිණිලි ඉදිරිපත් වුනා. මෙම ජංගම සේවය තුලින් අපිට හදුනා ගන්න පුලූවන් වුනා විදෙස්ගත ශ‍්‍රමිකයෝ සම්බන්ධ විශාල සමාජමය ගැටලූ උද්ගත වෙලා තියනවා කියලා. 

පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැලිකන්ද ප‍්‍රදේශයට ගියාම ඒ ප‍්‍රදේශයේ දරුවෙක් ඇවිත් ඉල්ලූවේ අම්මා ගෙනල්ලා දෙන්න කියලා. අපිට හමුවුනා කෙනෙක් ඇය ලිංගික අතවර වලට ලක් වෙලා ඇයට කිසිම සහනයක් ලබා ගන්න බැරි වෙලා. මව හො පියා විදේශ ගත වීම නිසා දරුවන් පාසල් යාමෙන් අයින් වෙලා තියනවා. සමහර ප‍්‍රදේශ වල මුලූ පවුල් සංස්ථාවම බි`ද වැටිලා තියනවා. මේක සමාජමය ප‍්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.

ජනාධිපතිතුමාට මේ ගැන හොද අවබෝධයක් තියන නිසාත් එතුමා නියෝජනය කරපු පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ විදෙස් ගත ශ‍්‍රමිකයෝ විශාල ප‍්‍රමාණයක් ඉන්න නිසාත් මේ ගැටලූ හොදට හදුනගෙන විදෙස්ගත ශ‍්‍රමිකයෝ සම්බන්ධ කරුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට එකතු කලා.

ශ‍්‍රමික සුරැුකුම වැඩසටහන පලමු අදියර ලියාපදිංචිය, දෙවන අදියර ජංගම සේවය, විදියට විදියට මේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට අනුයුක්ත සංවර්ධන නිළධාරින් ම`ගින් විදේශ ශ‍්‍රමිකයන්ගේ පවුල් වල සුභසාධනය සම්බන්ධව කි‍්‍රයා කරලා තියනවා. යැයි ද අමාත්‍යවරිය පැවැසුවාය. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS