‘අපි අපිම’ වැඩසටහනට ඔබේ උදවු ඕනෑ



ඉතා අඩු පහසුකම් යටතේ දිවි ගෙවන අපේම දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් පුංචි සවියක් වීමට ඇරැඹූ ‘අපි අපිම’ වැඩසටහන් මාලාවේ පස්වැනි අදියර ලෙස මෙම 2019 වසරේ තෝරාගෙන ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය කලාපයේ රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ රිටිගහඅරාව ප්‍රාථමික විදුහල සහ කළුකැලේ ප්‍රාථමික විදුහලයි.

හේන් ගොවිතැතින් දිවි ගෙවන මාපියන්ගේ දූ දරුවන් 60 ක් මෙම පාසල් දෙකෙහිම අධයාපනය ලබන අතර වසරේ වැඩි කාලයක් නියඟය උරුමවීමෙන් ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගෙවන අතර බොහෝ දරු දැරියන් පාසල් පැමිණෙන්නේ යලට මහටය.

එවන් දරුදැරියන් වෙනුවෙන් වසරකට අවශ්‍ය සියලු පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ‘අපි අපිම’ අරමුණයි.
2015 වසරේ ක්‍රියාත්මක වූ ‘අපි අපිම’ ව්‍යාපෘතිය 2018 වසර තෙක් නිකවැරටිය, කැඹිතිගොල්ලෑව, මැදිරිගිරිය, වලපනේ ප්‍රදේශවල පාසල් 6 කට පරිත්‍යාග සිදුකර ඇත.

‘අපි අපිම’ වැඩසටහන වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට ඔබත් කැමති නම් ඔක්තෝබර් මස 15 ට පෙර එම පාසල් උපකරණ අපට ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමු.

සුජිත් 0778259468
විරංජ 0712470662
ප්‍රිමාල් 0710143789


RECOMMEND POSTS