ළමා අයිතිවාසිකම් කමිටුව හෙට



ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම්හි ප්‍රගතිය විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ  ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව හෙට (15) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රැස්වන බව මානව හිමකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මෙම කමිටුව 16 වැනිදා තෙක් පුරා දෙදිනක් පැවැත්වෙන මෙම සාකච්ඡා වටයේදී ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන මෙම එක්සත් ජාතීන් ගේ කමිටුව කරුණු සාකච්ඡා කරනු ඇත.මෙම විමර්ශනයේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් බලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසුව ගෞතමාලාව , පැනමා , සීෂෙල්ස් , ස්පාඤ්ඤය , සොලමන් දූපත් , පලාවූ සහ මාර්ෂල් දූපත් යන රාජ්‍යයන් පිළිබඳවද මෙම එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

ස්වාධීන විද්වතුන් 18 දෙනෙකු ගෙන් යුතු එක්සත් ජාතීන්ගේ  ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ශ්‍රී ලංකාව ඇතුළු මෙම රටවල් හි ළමා අයිතිවාසිකම් පිළිබඳව සිදු කරන විමර්ශනය  ගැන ලිඛිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS