හාම්පුතුන්ගෙන් හිරහැර



තමන් සේවය කරන නිවසේ හාම්පුතුන් අමානුෂිකව සළකන බවත් පහර දීම නිසා තමන් බරපතල ලෙස රෝගාතුරව සිටින බවත් පවසමින් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.

තමන් කවුදැයි හඳුන්වා නොදී මෙම වීඩියෝව නිකුක් කර ඇති අතර ඇගේ ශරීරයේ පහර දීමෙන් ඇති වූ තුවාල පෙන්වන වීඩියෝවක් ද ඇය සිය හඬපටය සමඟ නිකුත්කර ඇත.

මේ වනවිට අත් පා ඉදිමීමේ රෝගයෙන් පෙළෙන බවත් සේවය කිරීමට නොහැකි තත්ත්වයේ සිටින බවත් ඇය එමඟින් පවසා ඇත.

තමන් අසරණව සිටින බැවින් මෙම ස්ථානයෙන් මුදා ගන්නැයි ඇය ඉල්ලා සිටින්නීය.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS