සෞදියේ සේවය කල ශ්‍රීලාංකික කාන්තාවන්ට හිඟ වැටුප් ගෙවයි



සෞදි අරාබියේ රියාද් නුවර වසර දෙකක් තිස්සේ කිසිදු වැටුපක් නොගෙවා වහල් සේවයේ යොදවාගෙන සිටි  කිලිනොච්චිය, පුනරින් ප‍්‍රදේශයේ පදිංචි සෙල්ලතුරෙයි ජැක්ලින් නමැති ශ්‍රී ලාංකික කාන්තාවට හිග වැටුප් ලෙස සෞදි රියාල්  17000ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රු.677,167.80 (රුපියල් හය ලක්‍ෂ හැත්තෑ හත්දහස් එකසිය හැට හතක්) හාම්පුතුන් ගෙන් අයකර දීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව ඇත.

ඇය 10 වැනිදා දිවයිනට පැමිණ ඇති අතර, ඇයගේ හිග වැටුප් සහිත චෙක්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර මහතා අතින් ලබා දෙන ලදී

තිස් හැවිරිදි එක් දරු මවක වන ජැක්ලින් මහත්මිය ගෘහ සේවිකාවක් ලෙස 2013 වර්ෂයේදී විදේශ ගතව ඇති අතර ඇය සේවය කල නිවසේ හාම්පුතුන් විසින් පළමු වසර තුළදී ඇයගේ වැටුප් ලබාදී ඇත. නමුත් දෙවන වසරේ සිට ඇයට වැටුප් ලබා දී නැති අතර ඇය ඒ පිළිබඳව රියාද් හි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට හා ඥාතීන් ම`ගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇත.

එහි ප‍්‍රතිඵලයක් ලෙස තානාපති කාර්යාලය මගින් එරට කම්කරු උසාවියේ නඩු පවරා ජැක්ලින් මහත්මියගේ හිග වැටුප වූ සෞදි රියාල්  17000ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රු.677,167.80 (රුපියල් හය ලක්‍ෂ හැත්තෑ හත්දහස් එකසිය හැට හතක්) ඇයගේ හාම්පුතුන්ගෙන් ලබා ගැනීමට සමත් වී ඇත.

. විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි රියාද් තානාපති කාර්යාලයේ කවුන්සලර් ජේ.එච්.අයි තිලකරත්න මහතා හා ෂනීටා හා උමර් යන තෙවන ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් ඇයගේ හි`ග වැටුප් ලබාගැනීමට හැකිව ඇත. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS