සෞදි කුමරු - විදේශ ඇමති හමුවක්



දිවයිනට පැමිණි සෞදි  රජ පවුලට අයත්  ෆාහද් බින් මොරීලන් බින් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් පසුගිය 24 වැනිදා  විදේශ කටයුතු  අමාත්‍යාංශයේදී පැවැත්විනි.

එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා සෞදි කුමරුගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් වී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. 

මෙහිදී සෞදි කුමරු ප්‍රකාශ කර  සිටියේ,  ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට අදාලව ආයෝජනය කිරීමට අපේක්‍ෂා කරන බවත් , ශ්‍රී ලංකාව, ඉතා වේගවත් සංවර්ධනයකට ප්‍රවේශ වී  සිටින බවත් තමා එය සියසින් දුටු බවත් හෙතෙම කීය.

සෞදි  රජය  ශ්‍රී  ලංකාව  සම්බන්ධයෙන්  දක්වන  නම්‍යශීලී  ප්‍රවණතාවය   අගය කළ  අමාත්‍ය  රවී  කරුණානායක මහතා,  අතිගරු  ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන  මැතිතුමාගේ  සහ  අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ  මැතිතුමාගේ සම්මුතිවාදී  පාලනය   හමුවේ ශ්‍රී ලංකාවේ  ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත්  කරමින්  සියළු  අංශයන්ගෙන්  ඉදිරියට පැමිණෙමින්  තිබෙන  බවය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS