සොයා දෙන්න



එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී අතුරුදන් වූ  කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ මතුගම, කන්දහේන ප්‍රදේශයේ පදිංචිව සිටි බී.රූපිකා චාන්දනී නැමැති අය සම්බන්ධයෙන් වන තොරතුරුය.

රූපිකා චාන්දනී මෙනෙවිය 2013 වසරේ ජනවාරි මස 16 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැත.

මෙම කාන්තාව පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කාර්යංශය ඉල්ලීමක් කරයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS