සෘජු ගුවන් ගමන්



කොළඹ සහ මොස්කව් නුවර අතර සෘජු ගුවන් ගමන් අරඹන බව රුසියානු ගුවන්සේවයක් වන Aeroflot ගුවන්සේවා සමාගම සදහන් කරයි.

මේ අනුව කොළඹ සිට මොස්කව් දක්වා Aeroflot පළමු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 28 දින ක්‍රියාත්මක වීමට නියමිතය.කොළඹ සහ මොස්කව් අතර ගුවන කාලය පැය 09 කි.

Aeroflot ගුවන් සේවය සිය නවතම එයාර් බස් A330 යානා මගින් සතියකට 5 වතාවක් කොළඹ හා මොස්කව් අතර පියාසර කරනු ඇතැයිද එම ගුවන් සේවා සමාගම කියා සිටී. 

Aeroflot යනු ලොව සිව්වැනියට පැරණිගම ගුවන් සේවයයි. එහි මෙහෙයුම් ආරමභ වී ඇත්තේ 1923 වසරේ දීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS