සිංගප්පූරුවේ මහකොමසාරිස් කාර්යාල වසාදැමේ



සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කල බව එම මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ, 21 නව මහලේ සේවකයකුට කොරෝනා වයිරසය  වැළදී ඇති බව තරහවුරු කර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කළේය.

මේ හේතුවෙන් මහ කොමසාර්ස් කාර්යාලයට පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස අද(30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව මහ කොමසාරිස් කාර්යාලය වසා තබන බව කාරුණිකව දන්වා සිටින බව එම කාර්යාලය පවසයි.

හදිසි අවශ්‍යතා සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු ලබා ගන්නා ලෙස සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

 

ඒ අනුව කන්සියුලර් රාජකාරි සඳහා :- +6587414011 / +6586546759

 

 

යන දුරකථන අංකයන් ගෙන්ද , විද්‍යුත්  තැපෑල (ඊ මේල් :-

[email protected]

 සහ විගමන සේවකයින් සහ ගෘහස්ත සේවයේ නියුතු සේවිකාවන් සඳහා:- +6584981785 / +65 91810257 යන දුරකථන අංකයන් හා ඊ මේල් :- [email protected]  හරහා තොරතුරු ලබා ගත හැකි බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS