සාහසික ඝාතන රැසක්



සාහසික ඝාතන රැසක් සිදු කළ කැනේඩියානු ජාතිකයෙකු විසින් තමන්ගේ අටවැනි ඝාතනය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් කර ඇතැයි කැනඩා පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබේ.

කැනඩා පොලීසිය විසින්  අනාවරණය කරගෙන ඇත්තේ අවුරුදු 66 ක් පමණ වයසැති බෘස් මැක්ආතර් නැමැත්තා විසින් විසින් කිරුෂ්නා කුමාර් කනගරත්නම් නමැති වයස අවුරුදු 37ක් වූ ලාංකිකයෙකු  මෙලෙස ඝාතනයට ලක් කර ඇති බවයි. 

කනගරත්නම් නැමැති පුද්ගලයා 2015 සැප්තැම්බර් 3 සහ දෙසැම්බර් 14 අතර කාලයකදී මිය ගිය බවට කැනඩා පොලීසිය තහවුරු කර ගෙන ඇත. 2010 දී කැනඩාවට පැමිණි ඔහු ටොරොන්ටෝ ප්‍රදේශයේ ජීවත්වී ඇත. එසේ සිටියදී මෙම ලාංකිකයා හදිසියේම අතුරුදන්ව ඇත.නමුත් ඒ පිළිබඳ සෙවීමේදී ඔහු එරටින් අතුරුදන්ව නොමැති බවට පොලීසිය විසින් නිල වශයෙන් තහවුරු කර ගෙන තිබේ.ඉන්පසුව කැනබා පොලීසිය විසින් මෙම පරීක්ෂණ දියත් කරනු ලැබ ඇත.

මෙම මරණය සිදු කළ ඝාතකයා සොයා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජීවත් වන කනගරත්නම්ගේ පවුලට ඔහුගේ මරණය පිළිබඳ පසුගිය සති අන්තයේදී දැනුම් දුන් බව කැනඩා පොලීසියේ ටොරොන්ටෝ පොලිස් පරීක්ෂක හැන්ක් ඉඞ්සින්ගා බී.බී.සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත.

මෙම කැනඩා ඝාතක විසින් පිළිවෙළින් 2010 වසරේදී ත් , 2012 වසරේදීත් , 2015 වසරේදීත් , 2016 වසරේදීත් ඝාතන රැසක් සිදු කර ඇත.

ඉකුත් මාර්තු මාසයේ දී, එම කැනේඩියා ඝාතකයා විසින් තවත් අයෙකු මරා දැමා ඇති අතර එලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා සම්බන්ධයෙන් ඔහුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඒ හරහා කළ පරීක්ෂණවලදී මෙම කැනේඩියානු ඝාතකයා සොයාගෙන තිබේ.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS