සාජා හි පවුලක් දිවිනසාගෙන



සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් සාජාහීදී පසුගියදා සියදිවි හානි කර ගැනීමට තැත් කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම පවුල සාජාහි පසුගිය සතියේදී රැඳී සිටි හෝටලයේ හත්වෙනි මහලෙන් බිමට පැන ඇති බවත් 55 හැවිරිදි පියා, 52 හැවිරිදි  මව හා පුතා මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනා ගේ ජීවිත බේරී ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.

දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු බරපතල  තුවාල ලබා ඇති අතර අනෙක් දියණිය සාමාන්‍ය තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනා අල්  කායිග් රෝහලට ඇතුලත් කර ඇතැයි එම වාර්තා තව දුරටත් සඳහන් කරයි.

මෙම ලාංකික පවුල මීට මාස 9 කට පෙර සාජා නුවර බලා ගොස් ඇති අතර ඒ සඳහා ඔවුන් ලබා ගෙන ඇත්තේ සංචාරක වීසා යැයි ද එම වාර්තා පවසයි.

මිය ගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සඳහා ඉදිරිපත් කර තිබේ. ඔවුන් දෙදෙනාගෙන්ද එක් අයෙකුට බරපතළ තුවාල සිදුවී තිබෙන අතර අනෙක් අය සාමාන්‍ය තුවාල ලබා අල් කවායිග් රෝහලට (Al Kuwaig hospital)  ඇතුළත් කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් ගණනාවකගේ සාක්ෂි හා විස්තර ලබා ගැනිමෙන් අනතුරුව සියදිවි නසා ගැනීමක් ලෙසින් තහවුරු වුවත් ඊට හේතුව තවමත් සොයා ගැනීමට නොහැකිවූ බව සාජා පොලීසිය ප්‍රකාශ  කර ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS