සහයෝගිතා ගිවිසුමක්



විදේශ රැකියා ක්‍ෂෙත්‍රයට පුහුණු ශ්‍රමිකයක් වැඩි වැඩියෙන් යොමු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය අතර සහයෝගිතා

රටේ ශ්‍රම බලකායෙන් අවම වශයෙන් සියයට 90 ක් වත් පුහුණු ශ්‍රමිකයන් බවට  පත් කිරීමත් රැකියා සඳහා විදේශ ගත වන සියලු ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කරගැනීමත් අරමුණු කරගෙන මෙම සහයෝගිතා ගිවිසුමට එළැඹෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා මැදපෙරදිග ලංකාදීපයට පැවැසීය.

ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ අවශ්‍යතා හඳුනාගැනීමත් ඒ අනුව පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීමේත් වගකීම දරණ රාජ්‍ය ආයතනය වන කාර්යංශය හා දේශිය මෙන්ම ජාත්‍යන්තරයට ගැලපෙන පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමේ ජාතික වගකීම දරන රාජ්‍ය ආයතනය වශයෙන් ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියත් මෙම ගිවිසුමෙන් කරුණු රැසක් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන බව ද රත්වත්තේ මහතා පැවැසීය.

මෙහි දී වෘත්තිය පුහුණු අධීකාරිය විසින් ඉදිකිරීම් ක්‍ෂෙත්‍රය මෝටර් රථ විදුලි කාර්මික පෑස්සුම් ශිල්පී සහ සාත්තුසේවක පාඨමාලා පැවැත්වීමට නවීන පහසුකම් පුහුණු යෙදවුම් සහිත මධ්‍යස්ථාන අටක් ස්ථාපිත කර ඒ සඳහා අභ්‍යාසලාභීන් බඳවාගෙන පුහුණු කර එම පුහුණු ලාභීන් විදේශ රැකියා සඳහා යැවීමටත් ඒ ඒ රටවලට අවශ්‍ය භාෂා ප්‍රවීනතාව ලබාදීමත් සිදුකෙරෙනු ඇත.
මේ සම්බන්ධව ගිවිසුමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ සහ ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති දමිත් වික්‍රමසිංහ මහතාත් අස්සන් කර ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.  

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS