සමුළුවට ඇරැයුම්



සාමය, සමඟිය සහ සහජීවනය යන මැයෙන් ජූලි 30 වැනිදා කොළඹ දී පැවැත්වෙන ජාතික සමුළුවට ආරාධනා කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක, වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක සහ නාපන පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහානායක යන හිමිවරුන්  මහනුවරදී බැහැ දුටුවේය.

තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සහ මෂූර් මව්ලානා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ. 


RECOMMEND POSTS