සන්සුන්ව කටයුතු කරන්න



මැද පෙරදිග කලාපයේ ඇතිවෙමින් තිබෙන නොසන්සුන් තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යමින් සංයමයෙන් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ඝාතනයට ලක්වීමත් සමඟ මැද පෙරදිග කලාපයේ ඇතිවෙමින් තිබෙන නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මහත් ඕනෑකමකින් බලා සිටින බව ද එහි දැක්වේ.

සංයමයෙන් කටයුතු කරමින් අර්ථවත් අයුරින් සංවාද කරමින් ඒ තුළින් සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යමින් කලාපයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන නොසන්සුන් තත්ත්වය මඟහරවා ගැනීමට කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.   


RECOMMEND POSTS