සංචාරකයන් ගෙන්වා ගන්න



එක්සත් අරාබි එමීර්යේ සංචාරකයින් මෙරටට වැඩිවශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉකුත් එරට ප්‍රධාන නගර කිහිපයකදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් දියත් කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන එමීරයේ ප්‍රධාන නගර වන ඩුබායි ,අබුඩාබි සහ සාජා නගර වලදී පැවැත්විණි.ඒ  සදහා එම කාර්යාංශයේ අධ්‍යක්ෂක (වෙළද) මධුභානි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී විණි.

මෙම ශ්‍රී ලංකා සංචරණය ප්‍රවර්ධන වැඩසටහන් හා දැක්ම සාජා නුවර රැඩිසන් බ්ලූ හෝටලයේදී ද , අබුඩාබි නුවර ලා රෝයල් මැරිඩේන් හෝටලයේදී ද , ඩුබායි නුවර ක්‍රවුන් ප්ලාසා හෝටලයේදීද පැවැත්විණි.

ගියවසරේදී පමණ සමස්ත මැදපෙරදිග කලාපීය රටවල් වලින් විදෙස් සංචාරකයින් 78,873 දෙනෙකු පැමිණ තිබූ අතර ,  ඉන් එමිර් ජාතිකයින් 7 136 දෙනෙකු වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.එසේම එරට සිට සෑම සතියකට ගුවන් ගමන් වාර 70 ක් සිදු කිරීමෙන් මෙම සංචාරක ප්‍රවර්ධනයට බලපා ඇත.

මේ සියලු දෑ සැලකිල්ලට ගනිමින් එමිරේටයේ වැසියන් මෙරටට ගෙන්වා ගැනීම සදහා එරට සිටින සංචාරක නියෝජිතයින් සමග ඉදිරියටත් වැඩකටයුතු කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගනිමින් සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS