සංචාරකයන් ඕනෑවෙලා



ජෝර්දාන් ජාතිකයින් වැඩිපුර මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉකුත්දා පවත්වනු ලැබිණි.

අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහනට එරට සංචාරක ක්ෂේත්‍ර යේ  නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එල්.එම් ලාෆීර් උපදෙස් දැක්වීමක්ද සිදු කරනු ලැබිණි.

විශේෂයෙන් ලංකාවේ ආකර්ෂනීය සංචාරක ස්ථාන ගැන අමතක නොවන මතකයින් ලබා ගැනීමේ හැකියාව, සංචාරකයින් පවතින සුඛෝපභෝගී සංචාරක නවාතැන්පොළවල් පිළිබද ව ශ්‍රී ලංකා තානාපතිවරයා එම සංචාරක නියෝජිතවරුන් දැනුවත් කළහ.

එසේම ශතවර්ෂ ගණනාවක් පැරණි ශ්‍රී ලංකාවේ  ඓතිහාසික තොරතුරු දැක බලා ගැනී‍ෙම් වැදගත්කම පිළිබදවද ජෝර්දාන් නියෝජිතයින් දැනුවත් කිරීමට තානාපතිවරයා අමතක නොකළේය.

මෙහිදී ජෝර්දාන සංචාරක නියෝජතියින් හට ලංකාවේ ආකර්ශනීය ස්ථාන පිළිබද ඇතුළත් වීඩියෝ පටයන්ද තානාපති වරයා‍ විසින් පෙන්වන ලදී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS