සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්



රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය  හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී.

අද  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි එම සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුල සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පවතින බවත් මේ දිනවල උද්ගතවී ඇති දේශපාලන වාතාවණය තුල එම තත්ත්වය පහළ වැටි ඇති බවය.

ඔහු සදහන් ප්‍රකාශ කළේ දැනටමත් සංචාරකයන්ගේ ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවත් , මෙවැනි අවස්ථාවලදි අසල්වැසි රටවල් ප්‍රයොජන ගන්නා බැවින් කඩිනමින් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර දෙන මෙන් ඔවුන් වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගම් සභාපතිවරයා කියා සිටියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS