ශ‍්‍රී ලංකාව මිනිස් ජාවාරටම ලක්වූ රටක්



ශ‍්‍රී ලංකාව මිනිස් ජාවාරටම ලක්වූ රටක් වශයෙන් සිව්වැනි වරටත් නම් කර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 

ත්‍ම් තත්ත්වය වෙනස් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය ඇතුළු ආයතන ගණනාවක් සම`ග එක්ව විදේශ රැුකියා අමාත්‍යංශය හා එක්ව කටයුතු කරන බව අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. 

අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ ඉකුත් 18 දා විදේශ රැුකියා අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.  

එහිදී අදහස් දැකුවූ අමාත්‍යවරිය, ”අපි රැුකියාවට කාන්තාවන් පිටරට යවනවා නම් යවන්න  ඕනි හොඳ පුහුණුවකින් පස්සේ. අපි දැන් පුහුණු මධ්‍යස්ථානවල ඉංගි‍්‍රසි පාඨමාලාවන් ආරම්භ කරලා තියෙනවා. දවස් 20ක් තිබුණ පුහුණුව දැන් දින 40ක් කරලා තියෙනවා. පුද්ගලික තැන්වල තිබුණු පුහුණු පාඨමාලා අපි නතර කරගෙන යනවා. අපි කොහෙත්ම කැමති නෑ මැදපෙරදිගට පටවන්න. අපි යන්නම් වාලේ යන්න දෙන්නෙත් නෑ. අපේ විමර්ශන ඒකකයක් තියෙනවා ඒ ම`ගින් වැටලීම් සිදුකරනවා. ඒ වගේ දේවල්වලට තත්වයක් තරාතිරමක් නැතුව දඩුවම් දෙනවා. 

අපි පහුගිය අවුරුද්දේ උප ඒජන්තවරුන් තහනම් කළා. කොමිස් මුදල් ලබාදීම තහනම් කළා. දැන් කාටවත් අතට ලක්‍ෂ තුනක් හතරක් දීලා කියන්න බෑ රට යන්න කියලා. අපි නීති වෙනස් කරලා තියෙනවා. අපි බලන්නේ හොඳ පුහුණුවක් දීලා හොඳ රටවලට යවන්න. අපි දැන් පුහුණු වැඩසටහන්වලට ඇතුළත් කරලා තියෙනවා පිරිසිදුකම, ආචාරශිලිකම ගැන. ඒ වගේ ගොඩක් වෙනස්කම් කරලා තියෙනවා. 

හතරවෙනි වතාවටත් අපි මිනිස් ජාවාරමට ලක්වුණ රටක් හැටියට නම් කරලා තියෙනවා. තව ටිකක් පහළට ගියානම් අපිට විදේශ රටවලින් ලැබෙන ආධාර නතර .වෙනවා. ආයතන ගණනාවක් අපේ අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා මේ තත්වය නතර කරන්න කටයුතු කරගෙන යනවා.

”පහුගිය සමයේ ජාතීන් අතර, ආගම් අතර ගැටුම් ඇතිවුණා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. මේ ඔක්කොම අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ දේවල්වලට විදේශ රටවලින් අවශ්‍ය සහයෝගය අපිට ලැබෙනවා. විදේශ රැුකියා ක්ෂේත‍්‍රයක් එහිම කොටසක්. කවුරු තරහ වුණත් නීත්‍යානුකූල නොවන දේවල් කරලා අපිට අහුවුනොත් දැඩි පියවර ගන්නවා. ඇතැම් ග‍්‍රාම නිළධාරීවරුන් ඉන්නවා උප ඒජන්තවරුන් විදිහට කටයුතු කරන. ඒ අයගෙන් උපදෙස් ගන්න ගියාම අර ඒජන්සියට යන්න කියලා කියනවා. මේ තත්වය වෙනස් කරන්න උපරිම පියවර ගන්නවා. අපි තමයි මුලින්ම 2015 වර්ෂයේ කිව්වේ පිටරට යන ශ‍්‍රමිකයෙක්ට අවම වැටුප ඩොලර් 300 කියලා. නමුත් ඇතැම් රටවල් ඒ මුදල ගෙවන්න කැමති වුණේ නෑ. හේතුව පුහුණුව, භාෂා හැකියාව ඒ අයට අවශ්‍ය මට්ටමට තිබුණේ නැති නිසා. නමුත් අද වෙනකොට අපේ ශ‍්‍රමිකයින්ගේ ගුණාත්මක බව වැඩිවෙලා තියෙනවා. 

කෙසේ වුණත් තවම මේ රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගය තමයි විදේශගත ශ‍්‍රමිකයින් මෙරටට එවන මුදල්. ඉතිහාසයේ පළමු වතාවට මිලියන 600ට අධික ලාභයක් කාර්යාංශය වාර්තා කරල තියෙනවා. පිටරට ගිහින් මෙරටට ඇවිත් ස්වයං රැුකියා කරන අයට උපකාර කරන්න වෙනම වැඩපිළිවෙලක් කාර්යාංශය ඉදිරියේදී ආරම්භ කරනවා.” ලෙස ඇය ප‍්‍රකාශ කළාය. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS