ශ‍්‍රමික සුරැකුම ජංගම සේවාව සේරුවිලදී



විගමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද (10) ක‍්‍රියාත්මක වෙන්නේ සේරුවිල වෙරුගල් රාජාංගනය හා තඹුත්තේගම යන ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවලදීය.

සේරුවිල හා වෙරුගල් ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී අද පෙරවරුවේ දී ද තඹුත්තේගම හා රාජාංගනය යන ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවල දී පස්වරුවේ දී ද මෙම ජංගම සේවා පැවැත්වේ.

තලතා අතුකොරල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජංගම සේවා වැඩ සටහනේ දිී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිළධාරීන්, සමථ අංශය, සමාජ විද්‍යා අංශය, විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් සම`ග ගැටළු සඳහා විසඳුම් ලබාගත හැකි වන අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඒ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ගොස් මහජනයා මුණගැසීමට නියමිතය. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS