ශ‍්‍රම සංක‍්‍රමණය වලදී නවීන තාක්‍ෂණය යොදාගැනීමට යයි



ශ‍්‍රම සංක‍්‍රමණය සම්බන්ධ කටයුතු වලදී  නවීන තාක්‍ෂණය යොදාගැනීමට ඉකුත් දා කොළඹදී පැවැති අබුඩාබි සංවාදයට සහභාගි වූ සියලූ නායකයෝ එකඟතාව පළකළ බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 

විදේශ රැකියාවකට යාමට පෙර හා විගමනික හා ආපසු පැමිණි පසු වන දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ දී සහය දීමට ද අබුඩාබි සංවාදයේ සාමාජික රටවල් එකඟතාව පළ කළබව අමාත්‍යවරිය කීවාය.

සාධාරණ හා විනිවිදභාවයකින් යුත් බඳවාගැනීම් පුරුදු ප‍්‍රවර්ධනය කිරීමේ දී සහය දැක්වීමට ද පුහුණුව හා පුහුණුව පිළිගැනීම සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ද එම සංවාදයේ දී එකඟතාව පළ වූ බවවඅමාත්‍යවරිය තව දුරටත් පැවැසුවාය.

අතුකෝරල මහත්මිය මේ අදහස් පළකළේ ඉකුත් 24 දා පැවැති අඉුඩාබි සංවාදයේ රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දීය. 

එම සමුළුවේදී ශ‍්‍රමිකයින් බඳවාගැනීම, පුහුණුව මුල්කර ගත් ශ‍්‍රම වෙළඳපොල ප‍්‍රතිපත්තියක් සැකසීම, ශ‍්‍රම විභජනය පාලනය සම්බන්ධව නවීන තාක්‍ෂණය භාවිතය හා ශ‍්‍රම සංක‍්‍රමණය පිළිබඳ ගෝලීය සම්මුතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබ`දවද මූලිකව සාකච්ඡුා කරන ලදැයි අමාත්‍යවරිය කීවාය.

ශ‍්‍රමිකයින්ගේ සුභසාධනය, ආරක්‍ෂාව හා සුරක්‍ෂිත බව වෙනුවෙන් ඉහත කරුණු 4න් සමන්විත සම්මුතියකට එළඹි ප‍්‍රකාශනයක් එළිදැක්වූ අතර එය ”කොළඹ ප‍්‍රකාශය’’ නම්න් හදුන්වනු ලබන බව ද අතුකෝරල මහත්මිය පැවැසුවාය. 

මෙවර අබුඩාබි සංවාදයේ (Abudabi Dialogue) සභාපතීත්වය ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හිමිවූ අතර, එය වසර දෙකක් සඳහා හිමි වී තිබේ. මීට ඉහතදීද කොළඹ කි‍්‍රයාදාමයේ (Colombo Precess) සභාපති ධූරය අමාත්‍යවරියට හිමි විය.


RECOMMEND POSTS