ශ්‍රීලන්කන් ගුවන් සේවයට සම්මානයක්



‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය ලොව ගෞරවාන්විත සම්මානයක් ලෙස සැලකෙන ‘ඉන්දීය සාගරයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ලොව ප්‍රමුඛතම ගුවන් සේවය’ සම්මානයෙන් නැවත වරක් පිදුම් ලැබීය.

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය ‘ඉන්දීය සාගර කලාපයට පැමිණෙන ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම’ සම්මානය මෙවර දිනාගත්තේ අඛණ්ඩව තෙවැනි වසරටය.

පෘතුගාලයේ ලිස්බන් නුවර පැවැති ලෝක සංචාරක සම්මාන උත්සවයේදී ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය එම සම්මානය හිමි කරගත්තේය.

“ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සේවය තම සේවා සැපයීම සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කළා. සංචාරක, වෙළෙඳ මෙන්ම මගීන් ද ඒ බව සනාථ කර තිබෙනවා. ඔවුන්ගේ මනාපයෙන් සම්මානය සඳහා තේරී පත්වීමම ඒ බව තහවුරු කරනවා” යැයි ලෝක සංචාරක සම්මාන උත්සවයේ නිර්මාතෘ ග්‍රැහැම් කූක් මහතා පැවැසීය.   

“ඉන්දීය සාගරය තුළ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් හි පැවැත්ම තහවුරු කිරීමට අපි ගන්නා ලද උත්සහාය මේ සම්මානය ලැබීමෙන් පෙන්නුම් කරනවා” යැයි ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර සමින්ද පෙරේරා මහතා කීවේය.

“වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන පරිදි අඛණ්ඩව සේවා සැපයීමට අපි පියවර ගත්තා. ඇප කැපවී වෙහෙස මහන්සි වුණා. ඒ වගේම මගීන්ගේ ඉල්ලුම පරිදි අපි අලුත් ගමනාන්තවලට ගුවන් ගමන් ආරම්භ කළා. සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබාදීම සඳහා අපි අපේ සේවා පහසුකම් උසස් කළා. සේවා පලදායීතාව වැඩි කළා. අපේ ගෝලීය සබඳතාව ලොව ප්‍රධාන කලාපවලට ගමන් ආරම්භ කිරීම අප තෝරාගැනීමට විශේෂ හේතුවක් වුණා. කොළඹ කේන්ද්‍රය හරහා ඉන්දීය උපමහද්වීපය තුළින් අපි අලුත් ගමනාන්ත ආරම්භ කළා” යැයි ද සමින්ද පෙරේරා මහතා කීය.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලි එෆ්.ටී ඇසුරිනි


RECOMMEND POSTS