ශ්‍රී ලාංකික නැවියන් සහිත වෙළඳ නැවක් පැසිෆික් සාගරයේ රඳවා තබයි



පැසිෆික් සාගරයට අයත් වනාටු දූපත් හි රේගු බලධාරීන් විසින් ශ්‍රී ලාංකික නැවියන් ඇතුළු නැව් කාර්ය මණ්ඩලයක් සහිත වෙළඳ නැවක් යාත‍්‍රා කිරීම වළක්වාලමින් එරට රඳවා තබා ගෙන සිටින බව නවසීලන්ත ගුවන් විදුලි නිල වෙබ් අඩවිය ඊයේ (04) වාර්තා කළේය.

මෙලෙස රඳවා තබා ගෙන ඇත්තේ ජපානයේ සිට වනාටු දූපත් හි පෝර්ට් විලා වෙත පැමණි කපිතාන් වරයා ,එහි ලාංකික නැවියන් ඇතුළු පස්දෙනෙකු ගෙන් යුතු කාර්යමණ්ඩලයකින් යුතු නෞකාවකි.

එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ සේවය කරන ලාංකික නැවියන් විසින් එම නෞකාවේ අනන්‍යනතාවය තහවුරු කිරීමට අසමත් වීම හේතුවෙන් වනාටු දූපත් හි රේගු නිලධාරීන් විසින් මෙය සිය බාරයේ රඳවා ගැනීමට තීරණය කර ඇතැයි එම වාර්තාවේ සහන් වේ.

ජපානයේ සිට මොවුන් වනාටු හි පොර්ට් විලා වෙත පැමිණි අවස්ථාවේදී එරට රේගු බලධාරීන්ගේ විසින් ප‍්‍රශ්න කර ඇත. එහිදී වනාටු රේගුවේ වැඩබලන කළමනාකරු බැඞ්ලි ටාරී විසින් ලාංකික නැවියන් ගෙන් යුතු නැව් කාර්ය මණ්ඩලයෙන් සිදු කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් වලදී ඔවුන් හෙළි කර ඇත්තේ විකුණා දමා ඇති නෞකාව නව හිමිකරු වෙත බාර දීම සඳහා පැමිණි බවය.

නමුත් නැව් කාර්ය මණ්ඩලයේ කිසිවකුත් එම නෞකාව වසර 20 ක් පැරණි එකක් කීමට උත්සාහ නොකළ බවද වනාටු රේගුවේ වැඩබලන කළමනාකරුවරයා කියා සිටින බව නවසීලන්ත ගුවන්විදුලි නිල වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.එබැවින් අදාළ නෞකාව සිය බාරයේ රඳවා තබා ගැනීමට වනාටු රේගුව තීන්දු කර ඇත.

 

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS