ශ්‍රී ලාංකික තරුණයෙක් කොරියවේ දී මූදට වැටේ



කොරියාවේ සේවය කළ තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි එරට තානාපති සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

එරට ධීවර රැකියාවක යෙදී සිටි මතුගම, යටදොළවත්තේ පදිංචිකරුවෙකු වූ බෙන්තර මාපලගමගේ අනුර ක්‍රීෂාන්ත නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

දකුණු කොරියාවේ හේනම් වෙරළ තීරය ආසන්නයෙන් මුහුදු ගිය යාත්‍රාවක සේවය කළ ඔහු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි පැවැසේ.

එරට පොලිසිය මේ වනවිට මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂණ අරඹා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS