ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන සහය



ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා සහය ලබාදීමට පිලිපීන රජය කැමැත්ත පළ කර තිබේ.

එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබද සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන රාජ්‍ය සංචාරයෙන් ශ‍්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ ප‍්‍රතිලාභයක් ලෙස මම සහය පළ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සිය සංචාරයේ අවසන් දිනය වූ 19 පෙරවරුවේ ජනාධිපතිවරයා පිලීපීන පොලිස් මූලස්ථානය වෙත ගිය අතර එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද එතුමා නිරික්ෂණය කළේය.

නීති විරොධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාවට නංවා තිබෙන බව පිලිපීන පොලිස් ප්‍රධානීන් ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති හමුවේ දී ජනාධිපතිවරයා සදහන් කළ අතර  භූගෝලීය පිහිටීම අනුව නිතීවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ‍්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති බැවින් එය වැළැක්වීම වෙනුවෙන් සියලූ මිත‍්‍ර රටවල සහය අපේක්ෂා කරන බව ද පැවසීය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඞ්රිගේ දුතෙර්තේ මැතිතුමා ගෙන යන ප‍්‍රබල සටන මෙහිදී ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා, තම පිලිපීන රාජ්‍ය සංචාරය සිදු වූයේ ද එතුමාගේ එම සේවාවට සිදුකරන ගෞරවයක් ලෙස බව ස`දහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට ප‍්‍රබල සටනක නිරතව සිටින බව පෙන්වා දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ වෙනුවෙන් මෙම වසරේදී ද වැදගත් තීන්දු තීරණ රැුසකට එළැඹෙන බවද ප‍්‍රකාශ කළේය.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS