ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානයට හරස් වෙන්න එපා



තම රටේ ජීවත්වන සුදු හා කළු ජාතිකයන් අතර ප්‍රතිසන්ධානය ගොඩනගා ගැනීමට නොහැකි ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ගැන කතා කිරීම හරහට යන කකුළුවන් අන්‍යයන්ට කෙළින් යන්නට කීම සිහිගන්වන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ බව කියයි.

ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යහපත් ද්විපාර්ශවීය සබඳතා පවත්වාගෙන යා යුතු බවත් එහි කිසිදු සැකයක් නැති බවත් සඳහන් කරන එම පක්ෂය, පිබිදෙන ආසියාව සමඟ කටයුතු කරමින් ආර්ථික සංවර්ධනය ළඟා කරගැනීමට ද ශ්‍රී ලංකාව උත්සුක විය යුතු යැයි සඳහන් කරයි.


RECOMMEND POSTS