ශ්‍රී ලංකාවට එරෙහිව නඩුවක් ගොනු කරන්න බැහැ



ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට ඉන්දියාවට හෝ විදේශ රටකට හැකියාවක් නොමැති බව ඉන්දී මධ්‍යම රජය  එරට මදුරාසි මහාධිකරණයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ඉන්දියාවේ ‘‘ ද හින්දු ‘‘ පුවත්පත් වෙබ් අඩවියේ සඳහන් වේ.

ඉන්දීය මධ්‍යම රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය  ලේකම්වරයෙකුවන බිනෝයි ජොර්ජ් විසින් මදුරාසි මහාධිකරණය වෙත දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් මේ බව අධිකරණයට දන්වා ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ

තමිල්නාඩු ධීවරයන් පිරිසක් විසින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී මෙරට ආරක්ෂක අංශවල ප්රිහාරවලට ලක්වන බවත් එමගින් තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පවරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා එරට ධීවර සුබ සාධක සමිතියක් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර ඒ සමබ්න්ධයෙන් දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් මධ්‍යම රජය මේ බව දන්වා තිබේ.

එරට මධ්‍යම රජය අදාළ දිවුරුම් ප‍්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කරනුයේ දෙරට අතර අතර 1974 සහ 1976 දී ඇතිවී ද්විපාර්ශවික ගිවිසුම් වලට සහ ජිනීවා මානව හිමිකම් සම්මුතීන් ඇතුළු සියළු ජාත්‍යන්තර සම්මුතීන්ට අදාළව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනු කිරීම සඳහා නීතිමය පදනමක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ ගොනු කිරීමේ සඳහන් වේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින්ට පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය වූයේ යැයි කියන පදනම මත තමන්ට ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS