ශ්‍රී ලංකා තේ ජනප්‍රිය කිරීමේ අලුත්ම වැඩපිලිවෙළ



සංචාරකයන් අතර ශ්‍රී ලංකා තේ වල අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමේදී සමරු තිළිණයක් ලෙස ගුවන් තොටුපොලේදී නොමිලේ තේ පැකට් ලබා දීමට රජය සූදානම් වෙයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධනය සහ අලෙවිය සඳහා වූ අරමුදලින් රුපියල් මිලියන සීයක් යොදාගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ විය

ලංකාවේ තේ අලෙවි කරන ප්‍රධාන සන්නාම හිමිකරුවන් කිහිපදෙනෙකුගේ දායකත්වය ඇතිව සිදුකිරීමට බලාපොරොත්තු වන මෙම කාර්යය මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය පිළිබඳ හැඟීම සංචාරකයන්ගේ සිත් තුළ වර්ධනය කරවීම ද අපේක්‍ෂා කෙරෙන බව රජය සඳහන් කරයි.

ඒ සමගම ශ්‍රී ලංකාවේ තේ වල ඇති සුවිශේෂී ගුණාංග සහ සිය රටවලදී ශ්‍රී ලංකා තේ මිලදීගත හැක්කේ කෙසේද යන තොරතුරු ඇතුළත් කුඩා පොතක් එම සංචාරකයන්ට ලබාදීමටද කටයුතු කෙරෙනු ඇත.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS