ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල දෙකක් ආරම්භ කිරීමට පියවර



මැඩගස්කරයේ සහ සයිප්‍රසයේ නව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල දෙකක් ආරම්භ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කීය.

එම රටවල් සමඟ පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කරමින් සහ ඒ ඒ රටවල වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ අවශ්‍යතා සඳහා කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්  මෙම නව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල දෙක ඉදිරියේදී ස්ථාපිත කෙරෙන බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා කීය.

ඊට අමතරව ඉදිරියේ දී ලාංකිකයින් සඳහා සේවා කටයුතු  අවශ්‍ය ස්ථානයන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ස්ථාපිත කොට සේවාවන් සැපයීමක් නොමැති තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගන්නා බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

මෙතෙක් ශ්‍රී ලංකා තානාපතිවරු පත්කර නොමැති රටවල් සඳහා අනේවාසික තානාපතිවරු පත්කිරීමට ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා රඑිදී කීය.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS