වීසා නොමැති විදේශිකයින්ට දඩ



වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කර ගැනීමට රජය තීරණය කර ඇත.

සමගාමීව සංචාරක වීසා කාලසීමා දිර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන වීසා කාලසීමාව බහුවිධ ඇතුල්වීමේ පහසුකම් යටතේ නිකුත් කිරිමටත් රජය තීරණය කර තිබේ.

එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා 1948 අංක 20 දරණ ආගාමික විගාමික පනත සංශෝධනය කිරීමටත්, සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යොමු කිරීමටත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවකට කැබිනට් අනුමැතිය ද හිමිවී ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාලළව වර්තමානයේ පවතින වීසා වර්ග හා අයකරන ගාස්තු සංශෝධනය කරීම සඳහා ආගාමික හා විගාමික රෙගුලාසි සංශෝධනය කිරීමට මීට පෙර කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී තිබිණි.

මෙම සංශෝධන මගින් ආයෝජන දිරිගැන්වෙන වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, සංචාරක වීසා සඳහා විවිධ රටවල්වලට අදාළව පවතින විවිධ ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකිය ගාස්තු ක්‍රමවේදයක්ද හඳුන්වාදීමටත් හැකියාව ලැබෙන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS