වීසා නැති ලක් කතුන් දිවයිනට



ලෙබනනයේ වීසා නොමැතිව රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 53 දෙනෙකු එරට පොදු සමාව ලැබ කටුනායක ගුවන්තොටුපළින්  දිවයිනට පැමිණියහ.

ගෘහ  සේවිකාවන් ලෙස  රැකියා කිරිමට  විධිමත් වීසා නොමැතිව  සිට  ඇති  එම පිරිස හට එරට රජය විසින්  ප්‍රකාශ කර තිබු පොදු සමා කාලය  යටතේ රටින් පිටවීමට ලබාදී තිබු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ලෙබනන් ශ්‍රී ලංකා තනාපති  කාර්යාලය සහ විදේශ සේවා කටයුතු අමාතයංශය එක්ව ඔවුන්ව තම මව්බිමට ඒමට කටයුතු සලසා දී තිබිණි. 

මෙලෙස  පැමිණි  පිරිසට සියලු පහසුකම්  සහිතව ඔවුන්ගේ නිවෙස් වලට යාමට කටයුතු කළ අතර මෙම පිරිස අතර අනුරාධපුරය, හලාවත ,මීගමුව ,මාතර ,ගාල්ල ඇතුළු විවිධ පෙදෙස්වල පදිංචි කාන්තාවෝ සිටිති.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS