විපතට පත්වූ ශ්‍රී ලාංකිකයන්ට උදවු ඕනෑ



ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම්වලින් අවතැන් වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, බත්තරමුල්ල ප්‍රධාන ශාඛාවේ ආරම්භ කර තිබේ.

අත්‍යවශ්‍ය වියලි ආහාර සහ පිරිසිදු පානීය ජල බෝතල්, ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය එම මධ්‍යස්ථානයට භාරදිය  හැකිය.

මේ සඳහා විදේශ ගතව සිටින අපගේ ශ්‍රී ලාංකික ජනතාවයටද දායක විය හැකි බවත් වැඩි දුර විස්තර අවශ්‍ය නම් 0113049486 / 0112864150, 0711423 223 - සංජීව හෝ 0710 873110- නලින් අමතන්නැයි කාර්යංශය ඉල්ලා සිටියි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS