විපතට පත්වූ 5000 ක් ආපසු



විදේශ රැකියාවන්ට ගොස් විවිධ අතවරයන්ට ලක්ව ඒ ඒ රටවල තානාපති කාර්යාලවල සුරක්ෂා නිවාසවල රැඳී සිටි 5000 කට ආසන්න පිරිසක් ඉකුත් වසරේ මෙරටට ගෙන්වා ගැනීමට සිදුවූ බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

මේ වසරේ මුල මාස දෙකේ දී ද සුරක්ෂා නිවාස වල සිටි 453 දෙනෙක් ගෙන්වා ගත් බව ද අමාත්‍යවරිය කීවාය.
2015 වසරේ එම නිවාස වල 5600 ක් පමණ දෙනා සිටි බවත් එම  ප්‍රමාණය 2016 වසරේ දී 3552 දක්වා අඩුකරගත හැකි වූ බවත් අතුකෝරල මහත්මිය කිවාය.

මේ වනවිට සුරක්ෂා නිවාස අටක් කාර්යංශය මඟින් නඩත්තු කරන බව ද අමාත්‍යවරිය කීවාය. සෞදියේ රියාද් හා ජෙඩා හි ද, අබුඩාබි, ඕමාන්, කටාර්, ජෝර්දාන්, ලෙබනන්, සයිප්‍රස් යන රටවල තානාපති  කාර්යාලවලට අනුබද්ධව සුරක්ෂා නිවාස පවත්වා ගෙන යන අතර ඒවා නඩත්තු කරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟිනි.
ඉකුත් වසරේ රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් සුරක්ෂා නිවාස නඩත්තුව සඳහා කාර්යංශය වැය කොට ඇතැයි ද ඒ මහත්මිය කීවාය.  

විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS