විදේශිකයන්ට නව මාර්ගෝපදේශ



විදෙස් රටවල සිට මෙරටට පැමි‍ණෙන ශ්‍රී  ලාංකිකයන්ට සහ මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයන් සඳහා නව සෞඛ්යි මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන බව රජය පවසයි.

ලබන සතිය තුළ මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

විශේෂයෙන් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන, මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වී තිබෙන බව ද පැවැසෙයි.

නිරෝධායන කාලසීමාව පිළිබඳව සහ රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙම නව මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කෙරේ.

මේ අතර, මෙරට සිට කෙටිකාලීනව විදෙස් ගතවන පුද්ගලයන් යළි මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් ද සකස් කර ඇතැයි සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති අතර විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර සහ වෙළෙදාම් කටයුතු සඳහා කෙටි කාලීනව විදෙස්ගතවන පුද්ගලයන් අනුගමනය කළ යුතු ක්‍රමවේද ද ඇතුළත්ය.

විදෙස් සංචාරය නිමවා යළි දිවයිනට පැමිණීමේදී, PCR පරීක්ෂණය මගින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේනම් ඔවුන් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට මෙම නව මාර්ගෝපදේශ මාලාව සකස් කෙරෙන බව ද පැවැසෙයි.


RECOMMEND POSTS