විදේශයකදී මියගිය ගෘහ සේවිකාවකගේ දරුවට නිවසක්



විදේශ ගතව ගෘහ සේවිකාවකව සේවය කරමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය කාන්තාවක ගේ දරුවා වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට කටයුතු කරන්නැයි විදේශ රැුකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ශ්‍රී ලංකා විදේහ සේවානියුක්ති කාර්යංශයට උපදෙස් දී ඇත.

2011 වසරේ මිය ගිය අංක 5, අලූත්පුලියන්කුලම, විජිතපුර ලිපිනයේ පදිංචි අලූත්ගෙදර ශ්‍යාමලි කුමාරි මහත්මිය වෙනුවෙන් මෙසේ සාධාරණය ඉටු වී ඇත්තේ වසර පහකට පසුව වීම ද විශේෂත්වයකි.

ඇය 2010.04.23 දින කුවේටයේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් සඳහා ගොස් ඇති අතර, එහිදි ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් 2011.10.31 දින ජීවිතක්‍ෂයට පත්වී තිබේ. එක්දරු මවක වන ඇයගේ දේහය 2011.12.10 දින දිවයිනට ගෙන්වා ගෙන තිබේ. ඇයගේ සැමියා ඇයව හැර දමා ගොස් ඇති අතර, ඇයගේ දියණිය රැුකබලාගෙන ඇත්තේ ඇයගේ දෙමව්පියන් විසිනි.

ශ‍්‍රමික සුරැුකුම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ජංගම සේවා වැඩසටහනට 2017.03.12 දින පැමිණි ශ්‍යාමලි මහත්මියගේ මව හා ඇගේ දියණිය වන තරුෂිකා සෙව්මිණි විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගෙන් ඉල්ලා සිටියේ දියණියගේ අධ්‍යාපන කටයුතු හා ඉදිරි අනාගතය වෙනුවෙන් අවශ්‍ය උපකාර ලබාදෙන ලෙසයි.

ඒ වෙනුවෙන් අමාත්‍යතුමිය කඩිනමින් මැදිහත්වී එම දැරියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශිෂ්‍යාධාර ලබාදෙන ලෙස කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, මෙම කාන්තාව මියගියේ 2011 වර්ෂයේ වුවත්, විශේෂ අවධානයක් යොමු කර ඇය වෙනුවෙන් ඇයගේ දියණියට නිවසක් තනා දෙන ලෙස අමාත්‍යතුමිය කාර්යාංශ නිළධාරීන්ට දන්වා සිටියාය.

තරුෂිකා සෙව්මිණි දියණිය විජිතපුර මහා විද්‍යාලයේ 8 වෙනි වසරේ ඉගෙනුම ලබන අතර, ඇය ජීවත්වන්නේ  තම මිත්තණියගේ නිවසේය. ඇය වෙනුවෙන් නිවස ඉදිකිරීමට අවශ්‍ය බිම් කොටස සිය මිත්තණිය විසින් ලබාදෙන අතර, එහි නිවස ඉදිකිරීමට නියමිතය. 

 

විනීතා එම් ගමගේ 


RECOMMEND POSTS