විදේශගත ශ‍්‍රමිකයන්ගේ විශ‍්‍රාම වැටුප ගැන තීරණයක් නැහැ



කුවේට් අරමුදලේ ඇති රුපියල් බිලියන හතරක මුදල් යොදා විදේශගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් විශ‍්‍රාම වැටුපක් අරඹන බවට මීට පෙර පැවැති රජයේ යෝජනාවක් තිබුණත් වත්මන් රජය මේ වන තුරු ඒ පිළිබද කිසිදු ක‍්‍රීයා මාර්ගයක් ගෙන නැතැයි එතෙර අපි සංවිධානයේ කැදවුම්කරු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප‍්‍රකාශ කළේය. කි‍්‍රයාමාර්ගයක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ.

ජනතාව රවට්ටන්නේ නැතිව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හදන්නට වහා පියවර ගන්නැයි ආණ්ඩුවට බලකර කියා සිටින බවද හෙතෙම සදහන් කළේය.

‘‘අපි යෝජනා කරන්නේ සේවකයින්ගේ දායක අරමුදලක් අයකරගෙන රජය වැඩි පංගුවක් දරලා විශ‍්‍රාම වැටුප් අරමුදලක් හදන්න කියලා. පසුගිය අයවැයෙන් යෝජනාවක් හැටියට ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ. ජනතාව රවට්ටන්නේ නැතිව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හදන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ.’’

හදුන්නෙත්ති මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද(16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS