විදේශගත ශ්‍රමිකයන්ට 2017 සිට විශ්‍රාම වැටුප්



විගමණික ශ්‍රමිකයින් සඳහා ලබන වසරේ සිට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අයවැයෙන් යෝජනා කර ඇති පරිදි එම විශ්‍රාම  වැටුප ලබාදෙන බවත් ඒ සඳහා වන මූලික කටයුතු සකස් කරමින් ඇති බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කලේ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දීය. එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.  
“ජනාධිපතිතුමා එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් යෝජනා කරපු විශ්‍රාම වැටුප් ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා. විදෙස් ගතවන ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඩොලර් 350කුත්, පුහුණු ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඩොලර් 400 ලෙසත් මෙවර අයවැය මඟින් යෝජනා කරලා තියෙනවා.
2016 අයවැයෙන් තමයි පළමු වතාවට විදෙස්ගත ශ්‍රමිකයින්ට අවම වැටුපක් යෝජනා කලේ. ඒ ඇමරිකානු ඩොලර් 300ක් විදිහට. ඒක මේ වෙනකොට ක්‍රියාත්මකයි. වැදගත් වෙන්නේ ඒ වෙනකම් ඒ වගේ එකඟතාවයක් තිබුණෙ නෑ. නියෝජිතායතන තීරණය කරන වැටුපකට තමයි ශ්‍රමිකයින්ට සේවය කරන්න සිදු වුණේ.” යැයි ද ඇමතිනිය කීවාය.


RECOMMEND POSTS