විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලාභ ලබලා



ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය බිලියන 1.2ක ලාභයක් වාර්තා කර ඇතැයි  විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

එය පසුගිය වසර සමඟ සසඳද්දී සියයට 45ක වර්ධනයක් බවද අමාත්‍යවරිය කිවාය.  2015 දී රු.මි 338ක් වූ මෙහෙයුම් ලාභය 2016 දී රුපියල් මිලියන 642ක් දක්වා වැඩි වී  ඇතැයි ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මීට පෙර ආයතනයේ ලාභ පෙන්නුවේ මේ ආයතනය සිදුකර ඇති ආයෝජනවලින් ලැබු පොලිය මත වන අතර මෙවර ඒ හැම දෙයක්ම අභිබවා මෙහෙයුම් ලාභයක් ලබා ඇතකැයි අතුකෝරල මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

“ගිය වසරත් එක්ක සසඳනකොට 90%ක ලාභයක් ලබලා තියෙනවා. පසුගිය වසර 10ක් විතර පමණ අපි ලබන එකම ආදායම තමයි විදේශගත ශ්‍රමිකයින් මෙරටට එරන ප්‍රේෂණ. අපේ ආයතනය අද ප්‍රමුඛතාව ලබාදෙන දේ තමයි මෙම ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය. ඒ කටයුතුත් නොපමාව කරන අතර තමයි මේ වගේ ලාභයක් අපි ලැබුවේ. ” යැයි ද අමාත්‍යවරිය එහි දී සඳහන් කළාය.

අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුකත්ි කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS