විදේශ රැකියාවක නිරත ඔබටත් ඊටීඑෆ් සාමාජිකත්වය ලැබිය හැක.



සේවා නියුක්තිකයන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකත්වය රැගෙන යම් මුදලක් ඉතිිරි කිරීමටත් පසු කලෙක මාස් පතා විශ‍්‍රාම වැටුපක් ලෙස යම් මුදලක් අතට ගන්නටත් හැකි බව ඔබ දන්නවාද.

එමෙන්ම එම අරමුදලේ සක‍්‍රීය සාමාජිකයින් වෙත ප‍්‍රදානය කරනු ලබන සියලූ ප‍්‍රතිලාභ ස`දහා මෙසේ ඔබ ලබන සාමාජිකත්වයෙන් ඔබට අවස්ථාව ලැබෙන බව ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැකියි. එම සුදුසුකම් ලැබීම ස`දහා ප‍්‍රතිලාභ ඉල්ලා සිටින සිද්ධියක් වන අවස්ථාව වන විට අවම වශයෙන් වසර තුනක අඛණ්ඩ සාමාජිකත්වයක් තිබිය යුතු අතර එම කාලය තුළ නියමිත පරිදි මාසික සාමාජික මුදල් ගෙවා තිබීමද අනිවාර්ය වේ.

විගමණික සේවකයින් සාමාජිකත්වය ලබන්නේ නම් මාසිකව සාමාජික මුදල වශයෙන් රුපියල් 500 ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවිය යුතුයි.

එසේ දායක මුදල් ගෙවන සෑම සේවකයෙක්ම සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සැලකෙන අතර ඔවුන් සක‍්‍රිය සාමාජිකයන් ලෙස සැලකේ.

මේ පිළිබද වැඩි විස්තර www.etfb.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක[email protected], [email protected], [email protected] යන විද්‍යුත් ලිපිනයන්ගෙන් තොරතුරු විමසිය හැකිය.  

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS