විදේශ රැකියා අමාත්‍යවරියගේ මැයි දින පණිවිඩය



දාහත් ලක්‍ෂයක් පමණ වන විගමනික ශ්‍රමික ප්‍රජාව හා ඔවුන් සම්බන්ධ මෙරට ලක්‍ෂ 50 කට අධික පවුල්වල සාමාජිකයින්ගේ භාරකරු හැටියට මා නව රජය තුළින් ඉටුකල හැකි සෑම සුභසාධන හා සමාජ ආරක්‍ෂණ ක්‍රියාවක්ම නොපිරිහෙලා ඉටුකිරීමට සූදානම් ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දින ඔබට සුබ පැතුම් ගෙනෙන අතර සපථ කරන්නෙමි.

ශ්‍රී ලාංකීය මාතාවගේ උදාරතර විගමනික ශ්‍රමිකයින් වන ඔබට, ජාත්‍යන්තර කම්කරු දිනයේදී, විෂයභාර අමාත්‍යවරිය වශයෙන් සුභපැතුම් එක් කරන්නේ ඉමහත් වූ සතුටිනි. අප පාතබමින් සිටින්නේ ජයග්‍රාහි මාවතකයි.ගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ යහපාලනය තුළින් රට ගොඩනැංවීමේ භාරදූර කාර්යයට විගමනික ප්‍රජාවගෙන්ද ලැබෙන සහය මා ඉතා අගය කරමි.

විගමනික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් නව රජය අතිවිශාල කාර්යයන් ප්‍රමාණයක් ඉටුකර තිබේ. මෛත්‍රි පාලනයක්-ස්ථාවර රටක් ප්‍රතිපත්ති මාලාව යටතේ විගමනික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුරක්‍ෂිතබව තහවුරු කිරීම ප්‍රධාන අරමුණක් වූ අතර එය ශ්‍රමික සුරැකුම වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට හැකිවුණි. එතුළින් ශ්‍රමික පවුල්වල සුරක්‍ෂිත බව තහවුරු කිරීම මේ වන විට සිදුවෙමින් පවතී.

මීට අමතරව විගමණික ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් පොරොන්දු වූ අතර, එය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඉදිරියේදී විගමණික ශ්‍රමිකයින්ගේ අනේවාසික ගිණුම් සඳහා 2.5%ක පොලියක් එක් කිරීමටද නව රජය බලාපොරොත්තු වේ. අප රජය විසින් මෙරටට විශාලතම විනිමය උපයාදෙන විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් අවම වැටුපක් හඳුන්වාදීම ඔබ ලද තවත් ජයග්‍රහණයකි. 2016 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් බිලියන 1.27ක ලාභයක් උපයාගැනීමට හැකිවූයේ ඔබෙන් ලද දායකත්වය නිසාය.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබන්නේ විගමනික ප්‍රජාව හා ඔවුන්ගේ පවුල්වල අය ජයග්‍රහණ රාශියක් අත්පත් කරගත් යුගයකයි. එපමණක් නොව සමස්ත කම්කරු ජනතාවට ශ්‍රී ලංකාව තුළ නව රජය හරහා ජයග්‍රහණ රැසක් හිමි වූ අතර, කම්කරුවන් තළාපෙළු යුගයක් අවසන් වී කම්කරුවන්ගේ සැබෑ අයිතිවාසිකම් තහවුරු කිරීම නිසා අපි මහත් ආඩම්බර වෙමු.

අප රටේ ආර්ථිකය නැංවීමට ඔබ ලබාදෙන දායකත්වය පිළිබඳව කෘතඥ වන අතර, ජාත්‍යන්තර කම්කරු දිනයට සුභපැතුම් එක්කරමි.

විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS