විදේශ ගත වී සිටින ශ‍්‍රමිකයින් වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් කෝටි 100 ක මුදලක්



විදේශ ගත වී සිටින ශ‍්‍රමිකයින්ගේ රෝහල් ගත වීම් පිළිබදව සොයා බැලීම්, නඩු කටයුතු සහ සිරගතවී සිටින්නවුන් බේරා ගැනීමට පසුගිය වසරේ රුපියල් කෝටි 100 ක මුදලක් (බිලියනයක්) විදේශ රැකියා අමාත්‍යංශය වැය කර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළය. 

මේ වසරේ මේ වනවිට රුපියල් කෝටි 35 කට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවා ඇතැයි අතුකෝරල මහත්මිය කීවාය.
ඇය මේ බව ස`දහන් කළේ ඉකුත් 20 දා විදේශ කටයුතු අමාත්‍යංශයේදී, විදේශ ගත වී රැුකියා කරන අතරතුරදී මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට වන්දි ප‍්‍රදානය සදහා එක් වෙමිනි.

විදෙස් රැුකියාවල නිරතවෙමින් සිටියදී මියගිය පුද්ගලයින් 39 ක් වෙනුවෙන් එහි දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 720ක මුදලක් ප‍්‍රදානය කරන ලදී. 

අමාත්‍යවරිය එහි දී මෙසේ ද කීවාය.

”කාර්යාංශය සියලූ වියදම් සිදු කරන්නේ රටක් විදියට විගමණීක ශ‍්‍රමිකයින්ගේ සුරක්ෂිත බව ආරක්ෂා කිරීමටත්,  ඒ අයගේ අවශ්‍යතා හදුනා ගැනීමටයි. ඔවුන්ගේ සුභසාධනයන් නීති රීති දැඩි කොට උපරිමව කටයුතු කරන කොට සමහරු ඊට අකමැති වෙන්න පුලූවන්. අපි රජයක් විදියට බලාපොරොත්තු වන දේ තමයි අපේ ශ‍්‍රමිකයින් ලොව මොන රටේ හිටියත් ඒ අය ගැන හො`ද අවබෝ්ධයකින් කටයුතු කිරීම.

මේ වගේ වන්දි ලබාදෙන්න පුදුමාකාර විදිහට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරිනුත් විදේශ රැුකියා අමාත්‍යංශයේ නිළධාරිනුත් මහන්සි වෙනවා. අපි වගකිව යුතු රජයක් විදිහට කවුරු මොනදේ කළත් මොනදේ කිව්වත් අපේ යුතුකම අපි ඉටු කරනවා. අපි ඔබ සියළු දෙනා වෙනුවෙන් මගේ අමාත්‍යංශයට යටතේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අනුයුක්ත නිළධාරීන් තිදෙනෙක් ඉන්නවා විදෙස්ගත පවුල්වල ශ‍්‍රමිකයින් පිළිබඳ සොයා බලන්න. ඒ අයට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ජනවාරි 8 පටන් ගත් ශ‍්‍රමික සුරැුකුම වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපනය, එවන මුදලට වෙනදේ, ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සොයාබැලීම සඳහා වැඩසටහන් කි‍්‍රයාත්මක වෙනවා. එවැනි ප‍්‍රතිලාභ ලබාගැනීමට විදෙස් ගතවීමේදී කාර්යාංශයේ ලියාපදිංචි විදෙස් ගත වන ලෙස මම ඉල්ලා සිටිනවා.” යනුවෙන් ප‍්‍රකාශ කළාය. 

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඇසළ වීරකෝන් හා කන්සියුලර් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ එස්.එස්.ගනේගමආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ. 

 

 විනීතා එම් ගමගේ 


RECOMMEND POSTS