විදෙස් ශ්‍රමිකයන් ගැන කුවේට් නගර සභාව සොයයි



පූර්ව අනුමැතියකින් තොරව රැකියා ස්ථාන දෙකක සේවය කරන විදෙස් ශ්‍රමිකයන් පිළිබඳව සොයා බැලීමට කුවේට් මහ නගර සභාව කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍යවල පළ වී යැයි තානාපති ආරංවී මාර්ග සඳහන් කරයි.

එසේ ස්ථාන දෙකක සේවය කරන විදේශීය ශ්‍රමිකයන් පිරිසකගේ තොරතුරු මේ වන  විටත් ලැයිස්තුගත කර ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

දැනට පවතින තොරතුරු අනුව එරට මූල්‍ය හා පරිපාලන කේෂත්‍රය තුළ අනුමැතියකින් තොරව සේවය කරන විදේශීය ශ්‍රමිකයන් 150 කගේ තොරතුරු එම ලැයිස්තුවලට ඇතුලත්ව ඇතැයි පැවැසේ.

තව දුරටත් එවැනි සේවකයන් සොයා ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයන් සේවය කරන ස්ථානවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

ඵවතින තත්ත්වය යටතේ නීති විරෝධී අන්දමින් රැකියාවන්හි නිරත වීමෙන් වළකින්නැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලීමක්  කරයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS