විදෙස් ශ්‍රමික සේවා කප්පාදුවකට සෞදිය සැරැසේ



සෞදියේ ස්වදේශික ශ්‍රමිකයන්ට එරට තුළ වැඩි රැකියා අවස්ථාවක් ලබා දීමේ අරමුණින් විදේශීය ශ්‍රමිකයන්ට ලබාදෙන රැකියා අවස්ථා සීමා කිරීමට සෞදි රජය තීරණය කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

මේ වනවිට සෞදියේ ශ්‍රම බළකාය තුළ විදේශීය ශ්‍රමිකයින් ප්‍රමාණය ලක්ෂ 120 ට අධික අගයක් ගන්නා අතර ස්වදේශික ශ්‍රමිකයින්ට හිමි රැකියා අවස්ථා එමගින් ඇහිරී ඇති බව සෞදි බලධාරීහු පෙන්වා දෙති.

විදේශීය ශ්‍රමිකයින්ගේ රැකියා අවස්ථා කප්පාදු කිරීමට බලධාරීන් තීරණය කර ඇත්තේ මේ නිසාය.

දැනට සෞදියේ 12.1 වන රැකියා වියුක්තිය වසර 2020 වෙද්දී 9 දක්වා අවම කිරීමේ අවශ්‍යතාවයෙන් මෙකී සැලසුම් සකස් කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS