වැටුප් නොදී සිරකරගෙන වැඩ අරන්



ගෘහ සේවිකා රැකියාවක් සඳහා සෞදි අරාබියේ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වැටුප් ලබා නොදී සිර කරගෙන වැඩ ගනිතැයි වාර්තාවේ.

රත්නපුර, ඕපනායක පදිංචිකාරියක වන කේ. පුෂ්පලතා නමැති කාන්තාව මෙසේ වද හිංසාවන්ට ලක්වෙමින් සිටිතැයි වාර්තාවේ.
පස් දරු මවක වන පුෂ්පලතා විදේශ ගත වී 2015 වසරේ වන අතර ඇය පිළිබඳ තොරතුරු ලැබුණේ ද මාස හයක් යන තුරු පමණකැයි ඇගේ ඥාතීහු පවසති.

වැටුප් ලබා නොනෙවා පමණක් නොව වැටුප් ඉල්ලු අවස්ථාවලදී පහර දී මරණ තර්ජන එල්ල කරන බව ද ඇය පවුලේ ඥාතින්ට දන්වා ඇත.

මෙරට වෙසෙන සිය පවුලේ ඥාතින් සමඟ කිසිදු සබඳතාවක් තබා ගැනීමට දුරකතන ඇමතුමක් පවා ලබාදීමට එම නිවෙස් හිමියන් ඉඩ නොදෙන බවත් ඉඳ හිට එම නිවසට එන කවරෙකුගේ හෝ දුරකතනයකින් නිවසට කථා කරන බවත් ඇගේ පවුලේ ඥාතිහු පවසති.
ඇය පත්ව ඇති තත්ත්වය පිළිබඳව කළ යුතු කුමක් දැයි නොදැන කලක් සිටි බවත් පසුව දැන ගත් පිරදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රත්නපුර කාර්යාලයට ඉකුත් අප්‍රේල් 17 දා පැමිණිලි කළ බවත් පවුලේ ඥාතිහු තව දුරටත් පවසති.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS