ව්‍යාජ සහතිකවලින් කතුන් රට යැවූ දෙදෙනෙකු අත් අඩංගුවට



ව්‍යාජ ලිපිලේඛන සකසා කාන්තාාවන් විදේශ ගත කළ ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමියෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් 51 හැවිරිදි කාන්තාව හා 48 හැවිරිදි තැනැත්තා  පොල්ගහවෙල පදිංචිකරුවන් වේ.

අවුරුදු තුනට අඩු දරුවෙකු සිටින මාදම්පේ පදිංචිකාරියක් දරුවන් නැති බව ස`දහන් කරමින් පවුල් පසුබිම් වාර්තා සකසා විදේශ සේවා  නියුක්ති කාර්යංශයේ අවසන් අනුමැති අංශයෙන් නිකුත් කරන මුද්දර පවා ව්‍යාජ ලෙස සකසා ඇතුලත් කර විදේශ ගත කිරීමට තැත් කළ අවස්ථාවේ එකී කාන්තාව අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේ දී මොවුන් පිළිබ`ද තොරතුරු හෙළි වී ඇතැයි කාර්යංශයේ විශේෂ විමර්ෂණ ඒකකය කියයි.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.  


RECOMMEND POSTS