ව්‍යාජ වීසා ලඟ තබාගෙන හිරේ



ව්‍යාජ වීසා බලපත්‍ර ලඟ තබාගෙන සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට එරට අධිකරණය මඟින් මාස අටක සිර දඬුවමක් පනවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

සිංප්පූරුවේ චැංගී ගුවන් තොටුපලේ දී ඉකුත් ජුනි 27 වැනිදා මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ මලයාසිානු වීසා පලපත්‍ර මගින් සිංගප්පූරුවට පැමිණීම හේතුවෙනි.

මාසයකට ආසන්න කාලයක් තිස්සේ මොවුන්  පිළිබඳව නඩුව විභාග වූ අතර එහි තීන්දුව දෙමින් මෙම තිදෙනාට මාස අටක සිරදඬුවම්  නියම කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙම තිදෙනා සංචාරක වීසා මත රැකියා සඳහා මලයාසියාවට පැමිණ ඇති බව ද හෙලි වී ඇති අතර එලෙ සරැකියා ලබා ගැනීමට සිංගප්පූරු ඩොලර් 2600 ක් ජාවාරම්කරුවෙකුට ගෙවා ඇතැයි ද අනාවරණය වී ඇත.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS