ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලයි



ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කාර්යාලයක් ලෙස මරදාන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රැකියා නියෝජිත ආයතනයක්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඊයේ (23) වටලා එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට සුදානම් වූ අවස්ථාවේ ඔහු පැන ගොස් ඇතැයි කාර්යංශය කියයි.

එහි තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍ර 30 ක් ඇතුළුව ව්‍යාජ ලිය කියවිලි රැසක් අත් අඩංගුවට ගෙන තිිබේ.    

රැකියාවක් සදහා විදේශ ගත වීම සදහා කටුණායක ගුවන් තොටුපලට පැමිණි කාන්තාවක් සතුව තිබූ  ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් සහ ව්‍යාජ ලියකියවිලි හේතුවෙන් ගුවන්තොටුපල නිළධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම් වලදී මෙම ව්‍යාජ ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ ආයතනය අනාවරණය කර ගෙන තිබේ.

ඒ් අනුව කි‍්‍රයාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මරදානේ පවත්වාගෙන ගිය මෙම ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ ආයතනය තුල ව්‍යාජ ලිපිලේඛන සකසා පුද්ගලයින් විදේශ රැුකියා ස`දහා යොමු කරන බව අනාරණය කර ගැනීමට හැකිවිය. එහිදී ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍ර 30 සහ ව්‍යාජ ලියකියවිලි රැුසක් විමර්ශන අංශය භාරයට ගෙන තිබේ.

එම වැටලීමේදී මෙම ව්‍යාජ ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ ආයතනයේ හිමිකරු වූ බදුර්දීන් හුසේන් මොහොමඞ් හුස්නි හුසේන් නැමැත්තා අත්අඩංගුවට ගැනීමේදී ඔහු පැන ගොස් තිබේ. මේ සම්බන්ධ විමර්ශන කටයුතු ඉදිරියට සිදු කෙරෙන අතර මාලිගාකන්ද අධිකරණයට මෙම සිද්ධීයට අදාළ සැකකරු පලා ගිය බවට වාර්තා කරමින්, නඩු භාණ්ඩ ඉදිරිපත් කොට ඇත.

මෙම වැටලීම කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ සහ, විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු සහකාර පොලිස් අධිකාරී අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස් පරිදි, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී. ජී වෙලගෙදර සහ උප පොලිස් පරීක්ෂක කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක යන නිළධාරීන් විසින් සිදු කරන ඇත.

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS