වගකීම් ඉටු කරනවා



වගවීම, සංක්‍රාන්ති යුක්තිය සහ නීතිය නොසලකා අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තම ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු හා එම වගකීම් ඉටු කිරීමට ශක්තිමත් පියවර ගත යුතු යැයි කැනඩාව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්  ඬේවිඩි මැකිනන් මහතා ඒ බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්ව ඇති කැනඩා මහ කොමසාරිස්වරයා මෙසේ ද සඳහන් කර තිබේ.

“කැනඩාව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටිනවා. එමෙන්ම දේශපාලන වතාවරණය සමීපව නිරීක්ෂණය කරනවා.

නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මුල් ගලයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවත්වාගෙන යමින් ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී සිටින්නැයි අපි සියලු පාර්ශවවලට අවධාරණය කරනවා. වගවීම, සංක්‍රාන්ති යුක්තිය සහ අනිටු ප්‍රතිවිපාක විඳීමට සිදුවීම අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එරට ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු හා එම වගකීම් ඉටු කිරීමට ශක්තිමත් පියවර ගත යුතුයි”.

හර්ෂණ තුෂාර


RECOMMEND POSTS