ලේක් ඊරි ලංකාවට



පසුගිය දිනවල මෙරට බලපෑ ගංවතුර හා නායෑම් ආපදා හමුවේ විපතට පත්වූ ප්‍රදේශ වල සිදු කෙරෙන සහන සේවා හා ආධාර සැපයීමේ කටයුතු වලට සහාය දැක්වීමට ඇමෙරිකා එක්සත් ජනපද හමුදා භටයින් රැගත් යූ.එස්.එස් ලේක් ඊරි නෞකාව පසුගියදා කොළඹ වරාය සේන්දු වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.

ලංකාවේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වයෙන් හේතුවෙන් ඇති වූ ගංවතුර හා ජලගැලීම් වලින් පීඩාවට  ජනතාව අවශ්‍ය ආපදා සහන සේවා සහ එවැනි

ආපදාවන් හි අවදානම අඩුකිරීමේ කටයුතු වලට සහාය වීම මෙම එක්සත් ජනපද හමුදා භටයින් කටයුතු කරනු ඇතැයිද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

එක්සත් ජනපද හමුදා භටයින් රැගත් එම ඇමෙරිකානු නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය පිළිගැනීම ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ කාර්ය බාර නිලධාරී රොබට් හිල්ටන් මහතා විසින් පසුගියදා සිදු කළ අතර එහිදී හෙතෙම කෙටි අදහස් දක්වමින් කියා සිටියේ මෙම මානුෂීය ප්‍රයත්නයට සහභාගී වීම හා ශ්‍රී ලංකාය සමඟ ඉතා සමීපව කටයුතු කිරීම ගැන එක්සත් ජනපද නාවික හමුදාවටත් ,පැසිෆික් බලකායටත් කෘතඥ වන බවය.

එහිදී අදහස් දැක්වූ “යූ.එස්.එස් ලේක් ඊරි ” නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩැරන් මැක්ෆර්සන් මහතා පවසා සිටියේ ගංවතුරට යටවූ ප්‍රදේශ හා පාසල් පුනරුත්ථාපනය කිරීම හෝ ආහාර හා ජලය සැපයීම වැනි කුමන කටයුත්තකට වුවත් අමෙරිකානු නාවිකයින් හොඳින් පුහුණුව ලබා ඇති බවය.එබැවින් ලාංකික ජනයාට අවශ්‍ය සහන ආධාර සැපයීමට සිය කාර්ය මණ්ඩලය සූදානම් බවද එම නෞකාවේ අණදෙන නිලධාරීයා පැවසීය.

ගංවතුරෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට මානුෂීය ආධාර රැගත් මෙම නෞකාව සැන්ඩියාගෝ වරායෙන් පිටත් වූයේ ඉකුත් මැයි මාසයේදීය.එය සති දෙකක් පුරා මෙරට රැඳී සිටින අතර ලබන 25 වැනදා එය කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ගංවතුර ආධාර රැගත් “යූ.එස්.එස් ලේක් ඊරි ” නෞකාව පසුගිය 11 වැනිදා කොළඹ වරායට සේන්දු වූ අයුරුය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ කාර්ය බාර නිලධාරී රොබට් හිල්ටන් මහතා විසින් එක්සත් ජනපද හමුදා භටයින් රැගත් එම ඇමෙරිකානු නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය පිළිගත් අයුරු අනෙක් ඡායාරූපයේ දැක්වේ.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS