ලියකියවිලි සහතික කරලා



විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ විසින් ඉකුත් වසරේදී  මෙරට විවිධ පුද්ගලයින් සතු උප්පැන්න, විවාහ සහතික ආදී ලිපි ලේඛන දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සහතික කර දීමෙන් රුපියල් කෝටි අටකට වැඩි ආදායමක් උපයා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ මෙම ආදයම් උපයා ඇති බවද එම අමාත්‍යාංශ කියා සිටී.

එම කාලය තුළ දී අමාත්‍යාංශ කොන්සියුලර් අංශය විසින් විවිධ ලිපි ලේඛන 197 ,755 ක් සහතික කර දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2017 කාර්යසාධන වාර්තාවේ දැක්වේ.

වැඩි වශයෙන් සහතික කරනු ලැබූ  ලිපි ලේඛන අතර උප්පැන්න ,විවාහ, මරණ ,වෛද්‍ය , අධ්‍යාපන සහතික ආදි වන අතර ඊට අමතරව පොලිස් නිශක්ාෂණ වාර්තා, දිවුරුම් පෙත්සම් , ඇටෝනි බලපත‍්‍ර , නෛතික හා වාණිජ ලිපි ලේඛන පවතින බවද එම අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් කර ඇත.

සාමාන්‍යයෙන් සතියේ දිනවල දෛනිකව අයදුම්කරුවන් 600 කට අධික පිරිසක් කොන්සියුලර් අංශයට පැමිණෙන අතර ලිපි ලේඛන 1000 කට අධික ප‍්‍රමාණයක් සහතික කරනු ලැබේ.

ඉකුත් වසරේ පෙරවාරි 06 සිට දින හඳුන්වාදුන් විද්්‍යුත් මාධ්‍යයෙන් ලිපි ලේඛන සහතික කිරීමේ ක‍්‍රමය මඟින් ඉතා කඩිනමින් සේවාවක් සැලසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට හැකි වී ඇත.

තිළිණි ද සිල්වා

 


RECOMMEND POSTS