ලාංකිකයෙක් අත්අඩංගුවට



දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොරියා හෙරල්ඩ් පුවත් සේවය ඉකුත්දා (09) වාර්තා කළේය.

මෙම පිපිරීම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කොරියානු පොලිස් බලධාරීන් විසින්  ඊට සම්බන්ධ බවට සැක කරමින් මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි එම පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකිකයා 27 හැවිරිදි අයෙකු වන අතර ඔහු කලක පටන් දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිට ඇතැයි සඳහන් වේ.

පසුගිය ඉරිදා දිනයේ දී අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබු ටැංකියක් පුපුරායාමෙන් එහි ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබුණි.

ඔහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වී ඇති අතර ඒ සමඟ ඇති  වූ ගින්නක් හේතුවෙන් එම තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS